පාපැදියට හුරුකරවන පරිසර හිතකාමී විශේෂ වැඩපිළිවෙල

පාපැදියට පුරුදු වන්න- ජනතාව වෙත කෙරෙන ඉල්ලීම

වායු දූෂණය අවම කරගැනීම සහ විවිධ කරුණු කාරනා රාශියක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ සඳහා පාපැදිය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය .

මෙම යෝජනාව හරහා පරිසර දූෂණය අවම කර ගැනීම,මාර්ග තදබදය අවම කර ගැනීම සහ මාර්ග තදබදය නිසා සිදුවන කාලය අපතේ යෑම වලක්වා ගැනීම සහ බෝ නොවන රෝග රැසක් පාලනය කිරීම ආදී වාසි රැසක් ජනතාවට මෙයින් ලැබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ය

එමෙන්ම ඒ මහතා පාපැදි බාවිතයට යොමුවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය .

Leave a comment

Design a site like this with WordPress.com
Get started