දකුණු කොරියාව තුළ යළිත් Covid හිස ඔසවයි

මෙි දිනවල දකුණු කොරියාව තුළ covid වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 14518ක් එමෙන්ම පෙරේදා දිනයේ ද 13010ක් රෝගීන් වාර්තා වුණා.

පසුගිය සතියේ වාර්තා වූ රෝගීන් ගණන ට සාපේක්ෂව මෙම මස 25,26 වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා .

මේ අනුව රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ සොවුල්,බුසාන් ,කියොංගි,කියොංනාම් ආදී ප්‍රදේශවලින්

කෙසේ වෙතත් මේ දිනවල දකුණු කොරියාව තුළ එන්නත්කරණය ඉතා කාර්යක්ෂම සිදුකරනු ලබනවා .

Leave a comment

Design a site like this with WordPress.com
Get started